Microsoft සමාගමේ නවත
Microsoft සමාගමේ නවත
මුලින්ම මා පහත සඳහන් දේ අනුමාන වශයෙන් සඳහන් කිරීමට කැමතියි.
Exchange Server 2013 සකසුරුවම් කීරීම සඳහා මා භාවිතා කරනු ලබන්නේ Microsoft සමාගමේ තවත් නවතම නිකුත් කීරීමක් වන Windows 2012 මෘදුකාංගයි.
මුලින්ම Windows 2012 සර්වරය සියලුම නවතම updates සමගින් යාවත්කාලීන කිරීම සිදුකලයුතු වනවා.
ඉන් අනතුරුව එම Windows 2012 සර්වරය අපගේ Active Directory හා සම්බන්ද කළයුතු වන අතර එම සම්බන්දතාවය සිදුකරන ආකාරය ගැන මෙම ලිපිය මගින් සඳහනක් කිරීමට බලාපොරොත්තු වන්නේ නැත.
ඉහත සඳහන් ආකාරයට Active Directory හා සම්බන්දවීමෙන් පසු, Active Directory හි පාලක වරප්‍රසාද (Administrative privileges) සහිත user account එකකින් login වීම සිදුකල යුතුයි.
ඉන් අනතුරුව Windows 2012 සර්වරයෙහි අඩංගු Windows Power-Shell මෙවලම ක්‍රියාත්මක කොට පහත සඳහන් නියෝගය ක්‍රියාත්මක කළයුතු වන අතර මෙම නියෝගය මගින් Exchange Server 2013 සඳහා අවශ්‍ය සියලුම පූර්වාවශ්‍ය (Pr-requisites) අංග සකසුරුවම් කීරීම සිදු වනවා.
Run Windows Power Shell as Administrator and Paste the following
Install-WindowsFeature AS-HTTP-Activation, Desktop-Experience, NET-Framework-45-Features, RPC-over-HTTP-proxy, RSAT-Clustering, RSAT-Clustering-CmdInterface, RSAT-Clustering-Mgmt, RSAT-Clustering-PowerShell, Web-Mgmt-Console, WAS-Process-Model, Web-Asp-Net45, Web-Basic-Auth, Web-Client-Auth, Web-Digest-Auth, Web-Dir-Browsing, Web-Dyn-Compression, Web-Http-Errors, Web-Http-Logging, Web-Http-Redirect, Web-Http-Tracing, Web-ISAPI-Ext, Web-ISAPI-Filter, Web-Lgcy-Mgmt-Console, Web-Metabase, Web-Mgmt-Console, Web-Mgmt-Service, Web-Net-Ext45, Web-Request-Monitor, Web-Server, Web-Stat-Compression, Web-Static-Content, Web-Windows-Auth, Web-WMI, Windows-Identity-Foundation, RSAT-ADDS
ඉහතින් සඳහන් කල ක්‍රියාව සිදුවීමෙන් පසුව පද්ධතිය නැවත ක්‍රියාත්මක කීරීම (reboot) සිදු කල යුතු වන අතර, ඉන් අනතුරුව පහත සඳහන් මෘදුකාංග පහත සඳහන් අනු පිළිවෙලට අනුගත (install) කීරීම සිදුකලයුතු වනවා.
ඉහතින් සඳහන් කල ක්‍රියාව සිදුවීමෙන් පසුව පද්ධතිය නැවත ක්‍රියාත්මක කීරීම (reboot) සිදු කල යුතු වනවා.
අනතුරුව Exchange Server 2013 අනුගත (install) කිරීමට එම මෘදුකාංගය සහිත CD තැටිය සර්වරය තුලට ඇතුල්කොට, setup.exe මෙවලම ක්‍රියාත්මක කල යුතුය.
පහත රූපයේ දැක්වෙන ආකාරයට “connect to the internet and check for updates” අංගය තෝරා, click “Next” කරන්න.
මෙහිදී Click “Next” කරන්න.
මෙහිදී “I accept the terms in the legal agreement”
තෝරන්න.
අනතුරුව click “Next”
කරන්න.
මෙහිදී “Use recommended settings” තෝරන්න. අනතුරුව click “Next” කරන්න.
මෙහිදී Click “Next” කරන්න.
ඊළඟ අංගයෙන් සඳහන් වන්නේ අප හට Exchange Server 2013 හි අඩංගු Anti-Spam සහ Anti-Mal-ware අවශ්‍යද නැද්ද යන වග සඳහන් කිරීමයි.
Exchange Server 2013 අනng" height="388" width="444" style="border-width:0px;border-style:solid;" />
කිරීමෙන් පසු, ඊළඟ අදියරට පිවිසීමට
Exchange 2013
Management console භාවිතා කිරීමට සිදුවන අතර , එම
Exchange 2013
Management console ය , අප කලින් භාවිතා කල
Microsoft Management Console යක් නොවන අතර , නවතම
Exchange 2013
Management console ය
සියයට සීයක්ම
web interface
එකක් වන අතරම , එය භාවිතා කිරීමට පහත සඳහන්
URL එක භාවිතා කිරීමට සිදුවනවා.
පළමු login වීම තුල Exchange 2013 Management console වෙනුවට Exchange 2010 Management console දක්නට ලැබේ නම් එයට හේතුව තවමත් Administrator mailbox ය Exchange 2010 සර්වරය තුල පවතින බැවිනි. එය නිවැරදි කිරීමට පළමුව අප කල යුත්තේ Administrator mailbox යේ Exchange 2013 සර්වරය තුලට යොමු කිරීමය.
එය සඳහා පහත දැක්වෙන නියෝගය Exchange Management Shell තුලට යොමු කරන්න.
new-moverequest administrator -Completedrequestagelimit 10
එම කාර්යයේ ප්‍රගතිය දැන ගැනීමට අපට පහත සඳහන් නියෝගය භාවිතා කල හැකිය.
Get-MoveRequestStatistics administrator
එම
කාර්යයේ ප්‍රගතිය
දැන Administrator mailbox ය Exchange 2013
තුලට යොමු වීමෙන් පසු ඔබට නිසියාකාරයෙන්
Exchange 2013
Management console තුලට
login වීමේ හැකියාව ලැබෙන අතරතුර, ඔබට පහත දැක්වෙන අයුරේ දසුනක් දක්නට ලැබේ.
ඉන්පසු
Exchange Server 2010 තුල අඩංගු
mailbox,
Exchange Server 2013 තුලට එකවර යොමු
කිරීමට පහත සඳහන් ආකාරයට සිදුකල හැක.
පළමුව Exchange 2013
Management console තුල
“Recipients” කොටසට ඇතුළුව එහි අඩංගු
“mailboxes” තුල
click කල විට අපගේ සියලුම
mailboxes දර්ශනය වන අතරම, අපට
move කිරීමට අවශ්‍ය
mailboxes ගොනු
කිරීම
සඳහා අපගේ keyboard හි
press “Ctrl”
key එක
සහ අවශ්‍ය mailboxes මත
click කිරීම
තුලින් සිදුකල හැක.
ඉන්පසු “move
mailbox” අංගය ක්‍රියාත්මක කරන්න. ඉන්පසු අපගේ
move mailbox ක්‍රියාවලිය සඳහා නමක් දීම සිදුකල හැකි වන අතර , අපට මෙම
move mailbox ක්‍රියාවලියේ ප්‍රගතිය පරික්ෂා
කිරීමට මෙම නම වැදගත් වේ.
Target database එක සහ
target archive database ලෙස අපගේ
Exchange 2013
database එක සඳහන් කල යුතුයි.
ඉන්පසු
පැමිණෙන්නේ
move mailbox ක්‍රියාවලිය අවසාන වීමෙන් පසු
දැනුම් දිය
යුතු පුද්ගලයාගේ mailbox
එක සඳහන්
කිරීම
සහ move mailbox ක්‍රියාවලිය
ඇරඹිය යුතු ආකාරය
(Auto/Manual) සඳහන්
කිරීමයි. move mailbox ක්‍රියාවලිය ක්‍රියාත්මක
කිරීමෙන් පසු එහි ප්‍රගතිය පරික්ෂා
කිරීමට
පහත මෙනුව වෙත යොමුවීමෙන් සිදුකල හැකිය. Recipients --> Migration
--> View Details
ඔබගේ ආයතනයේ ඇති
mailbox ගණන විශාල නම් සහ ඔබ
command line භාවිතා
කිරීමට කැමති කෙනෙකු
නම් පහත සඳහන් Exchange
Management Shell විධානය මගින් එය පහසුවෙන්ම කර ගත හැකි වනවා.
Get-Mailbox –Database
Source-Database(2010) | New-MoveRequest –Target-Database
Target-Database(2013) ඔබගේ ආයතනයේ ඇති
mailbox ගණන
1000 ට වඩා වැඩි
නම්, පහත සඳහන් Exchange
Management Shell විධානය මගින් එය පහසුවෙන්ම කර ගත හැකි වනවා.
Get-Mailbox –Database
Source-Database(2010) –ResultSize Unlimited| New-MoveRequest –Target-Database
Target-Database(2013) වැදගත්
මෙහිදී අප මතක තබා ගතයුතු වැදගත් කාරණයක් වන්නේ, ඔබගේ
mailbox වල ප්‍රමාණය ඉතා විශාලනම්, එය සඳහා ගතවන කාලය වැඩිවිය හැක, එබැවින්
mailbox Move
කිරීමේදී එය කාණ්ඩ වශයෙන්
කිරීම
නුවණට හුරු ක්‍රියාවක්
බවය. ඉන් අනතුරුව කලයුතු වැදගත්ම ක්‍රියාවලිය වන්නේ අපගේ
email ගමනා ගමනය සකස්
කිරීමයි.
එය සිදු
කිරීමට
පහත සඳහන් ක්‍රියාවන් සිදුකල යුතු වනවා. මෙම වෙනස්කම මගින් සිදුවන්නේ ඔබගේ පිටස්තර ලෝකය සමග ඇති
email ගමනා ගමනය, ඔබගේ නවතම
Exchange Server 2013 තුලට යොමු
කිරීමයි.
එම ක්‍රියාවලියෙන් පසු නැවත
Exchange 2013
Management console
තුලින් පහත සඳහන් ආක්රියාවන් සිදුකල යුතු වනවා.
Exchange Server 2010 තුලින් සිදුවන
email ගමනා ගමනය අපගේ
Exchange Server 2013 වෙත යොමු
කළයුතු වනවා.
එය සඳහා පහත සඳහන් මෙනුව වෙත යොමු විය යුතුයි.
Exchange Admin Center --> mail flow
--> send connectors
--> SMTP OUT --> Edit
අනතුරුව “Scoping” මෙනුව වෙත යොමු වී, එහි ඇති “Source Server” තුල ඔබගේ පැරණි Exchange 2010 සඳහන් වී ඇති ආකාරය නිරීක්ෂණය කල හැකි වන අතර, අප කල යුතු වන්නේ එම පැරණි Exchange 2010 සර්වරය ඉවත් කර අපගේ නවතම Exchange 2013 සර්වරය එහි සටහන් කිරීමයි.
send connectors සඳහා ඉහත පිළිවෙත අනුගමනය කලයුතු වුවත් receive connector එසේ කිසිදු වෙනස්කමක් සිදු කිරීමක් අවශ්‍ය වන්නේ නැත. ඒ මන්ද යැයි කිවහොත් Exchange 2013 මගින් එය නියම ආකාරයට සකස් කර ගනු ලබන නිසාය.