එමගින් රැස්වීමකට අවශ්‍ය සියළුම දෑ එක්රැස් කරගැනීම මෙන්ම අනෙකුත් රැස්වීම් සමග ගැටීම් හෝ උපකරණ ලබාගැනීමේ අසීරුතාවලට මුහුණදීම් අවම කරගත හැකියි.
මාගේ අභිප්‍රාය වනුවේ Resource Mailbox සඳහා Microsoft Exchange Server 2013 තුල සිදුකොට ඇති නවීකරණ සහ එම අංගය ක්‍රියාත්මක වන ආකාරය පහදා දීමයි.
මූලික කරුණු
Microsoft Exchange Server 2013 තුල Resource Mailbox සැදීම සඳහා ඔබගේ Microsoft Active Directory ය තුල තමන් භාවිතා කරන User Account එක අවම වශයෙන් Recipient Management Group (Minimum Permission) තුළවත් අන්තර්ගත වියයුතු වනවා..
ඉන් අනතුරුව ය තුල තමන් භාවිතා කරන User Account එක අවම වශයෙන් Recipient Management Group (Minimum Permission) Resource Mailbox සැදීම සඳහා Exchange Administration Console (EAC) භාවිතා කල හැකියි. තවද මෙම කටයුත්ත අපට Exchange PowerShell අනුසාරයෙන් ද සිදුකල හැකියි.
ඔබ Exchange PowerShell භාවිතා කරන්නේ නම් පහත සඳහන් නියෝගය ක්‍රියාත්මක කිරීම තුලින් සිදුකල හැකියි.
New-Mailbox -Database "Mailbox Database 1" -Name BoardRoom -OrganizationalUnit "Conference Rooms" -DisplayName "Board Room" –Room
පහතින් සඳහන් වන්නේ Exchange Administration Console (EAC) භාවිතා කොට මෙය සකසන ආකාරයයි.
ඉහත රුපයේ දැක්වෙන ආකාරයට Room mailbox නියෝගය මගින් අපගේ කටයුත්ත ආරම්භ වනවා.
ඉහත රුපයේ සඳහන් ආකාරයට මුලින්ම අපට මෙම Room mailboxයට නමක් සඳහන් කලයුතු අතර එය තේරුමක් සහිත දුටු පමණින් හඳුනාගත හැකි නමක් විය යුතුය.
දෙවනුව මෙම Room mailbox එක සඳහා email address එකක් ලබාදිය යුතු වනවා. මගේ උපදේශය වන්නේ මේ සඳහා public email address යොදා නොගන්නා ලෙසයි. එයට හේතුව වන්නේ, පිටත පුද්ගලයෙකුට මෙම Room mailbox හරහා යම්කිසි හානියක් කිරීමේ අවදානමක් පවතින බැවිනි. ඵ් සඳහා පළපුරුදු කෙනෙකුගේ උපදෙස් ලබාගන්නේ නම්, Room mailbox සඳහා public email address යොදා ගැනීමේ හැකියාව ඇත.
ඉන් අනතුරුව මෙම Room mailbox ය Active Directory ය තුල ගොනු ගත කිරීමට අවශ්‍ය නම් ඵ් සඳහා යොමු කිරීම සිදු කල හැකියි.
ඉන් අනතුරුව වැදගත් අංගය වනුයේ, මෙම රැස්වීම් ශාලාව තුල අසුන් ගැනීමේ ධාරිතාවය (Capacity) සඳහන් කිරීමයි. එය හුදෙක් මෙය භාවිතා කරන්නන් හට මෙම ශාලාවේ ධාරිතාව සඳහන් කිරීම පමණක් සිදු කෙරේ.
අනෙකුත් වැදගත් අංගය වන්නේ, මෙම රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් ලබා ගන්නා ආකාරය සැකසීමයි.
ඔබ මෙම අංගය භාවිතා කලහොත් මෙම Room mailbox වෙත ලැබෙන රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් ස්වයංක්‍රීයව එම රැස්වීම් ශාලාවේ Room Availability මත සිදුවේ.
ඔබ මෙම අංගය භාවිතා කලහොත් මෙම Room mailbox වෙත ලැබෙන රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ ආයතනයේ සිටින කෙනෙකු ලවා සිදුකල හැකියි. මෙමගින් සිදුවන්නේ ඔබ රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා අයැදුමක් යැවූ විට එම අයැදුම පළමුව එම රැස්වීම් ශාලාවේ භාරකරු වෙත ලබා දීමත්, ඉන්පසු එම භාරකරු හට එම රැස්වීම් ශාලාව ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමත් සිදුවනවා .
අනෙකුත් වැදගත් අංග වනුයේ, මෙම Room mailbox ස්ථාන ගතකරනු ලබන mailbox database සඳහන් කිරීමයි. මේ සඳහා ඔබගේ Exchange Server තුල ඇති ඕනෑම mailbox database එකක් භාවිතා කල හැකියි.
තවද Room mailbox සියලුම දෙනාගෙන් වසන් කොට අවශ්‍ය පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අපට Address Book Policy භාවිතා කල හැකියි.
අනතුරුව මෙහි අඩංගු අනෙකුත් අංග සකසුරුවම් කිරීමට එහි ඇති Properties අංගය ක්‍රියාත්මක කිරීම තුලින් කල හැකියි.
පළමුව General අංශයේ ඇති සාමාන්‍ය විස්තර ලබාදීම කළහැකි අතර ඉන් වඩාත් :16px;"> සියලුම දෙනාගෙන් වසන් කොට අවශ්‍ය පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අපට
Address Book Policy දෙවනුව delegates අංශය අප කලින් සාකච්ඡා කල නිසා , එය ක්‍රියා කරන ආකාරය මෙම ලිපියෙහි ඉහළින් සඳහන් කර ඇත.
තෙවනුව Allow repeating meetings – යනු මෙම රැස්වීම් කාමරය නැවත නැවතත් පවත්වනු ලබන රැස්වීම් සඳහා භාවිතා කල හැකිද නැද්ද යන්න සඳහන් කිරීමයි. Allow scheduling only during working hours - යනු මෙම රැස්වීම් කාමරය භාවිතා කල හැක්කේ කාර්යාලීය වේලාවන් තුල පමණක්ද නැද්ද යන වග සඳහන් කිරීමයි.
Always decline if the end date is beyond this limit - යනු මෙම රැස්වීම් කාමරය සඳහා එවනු ලබන අයැදුම්, පහත සඳහන් සීමාවන් ඉක්මවා ඇති සෑමවිටම එය ප්‍රතික්ෂේප කලයුතුය යන්නයි.
If you want the meeting organizer to receive a reply, enter the text below, යනු රැස්වීම සංවිධානය කරනු ලබන පුද්ගලයා හට මෙම රැස්වීම් කාමරය ලබාදීමෙන් පසු එය සනාථ කිරීමට යවනු ලබන email පණිවුඩයේ අඩංගු වියයුතු
කරුණුය. මෙය උපදෙස් මාලාවක් ලෙස වුවද යැවීමේ හැකියාව ඇත. ඉහත රූපයේ අඩංගු පරිදි, මෙම පණිවුඩය සිංහල භාෂාවෙන් වුවත් යැවීමේ හැකියාව ඇත. Contact information තුලින් මෙම රැස්වීම් ශාලාව භාරව කටයුතු කරන පුද්ගලයෙකුගේ හෝ එම ස්ථානය පිලිබඳ විස්තර භාවිතා කරන්නන් හට ලබාදිය හැකියි. මා ඉහතින් සඳහන් කල පරිදි මෙම Room mailbox ය සඳහා email address යක් භාවිතා කල හැකි අතර එමගින් මෙම Room mailbox ය පිටස්තර පුද්ගලයින් හට ලබාදීමේ හැකියාව ඇත. නමුත් මෙම ක්‍රියාවලිය ඉතාමත් සුපරීක්ෂාකාරීව
සිදුකල යුතුය.
මා ඉහතින් සඳහන් කල පරිදි මෙම Room mailbox ය සඳහා e" " src="http://social.technet.microsoft.com/wiki/resized-image.ashx/__size/550x0/__key/communityserver-wikis-components-files/00-00-00-00-05/88218.8.png" style="border-width:0px;border-style:solid;" /> MailTip යනු මෙම Room mailbox ය වෙත අයැදුම්පතක් එවන පුද්ගලයා හට එම Room mailbox ය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදු කිරීමයි. එමගින් පුද්ගලයන් මගින් සිදුවන අතපසුවීම් මගහරවා ගත හැකියි.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස අප විසින් රැස්වීමක් සංවිධානය කිරීමේදී එයට අදාල පුද්ගලයන් සහ අවශ්‍ය Room mailbox වෙත යැවීමට ප්‍රථමයෙන්, ඒ පිළිබඳව විස්තරයක් ලබාදෙන ආකාරයයි.
මගේ උදාහරණය තුලින් දැක්වෙන්නේ මෙම රැස්වීම් ශාලාව භාවිතා කල හැක්කේ
අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට පමණක් බවයි. “මෙම කාමරය අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හට ප්‍රමුඛත්වය පිරිනමන බව කරුණාවෙන් සලකන්න. ඔබ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක්
නොවන්නේ නම්, ඔබ සඳහා ප්‍රමුඛත්වය හිමි නොවන බව සැලකිල්ලට ගන්න. ස්තුතියි.”
මෙමගින් මෙම අයදුම්පත් යවන්නාට තමා හට සිදුවන්නට යන වැරැද්ද පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදුවේ. ඉහත රූපයෙන් දැක්වෙන්නේ අප විසින් යවනු ලබන අයැදුම්පත් ස්වයංක්‍රීය අනුමත කිරීමකින් පසුව ලැබෙන සනාථ කිරීමේ පණිවුඩයයි.
ඉහත රූපයෙන් දැක්වෙන්නේ එම පණිවුඩය තුල අප විසින් සඳහන් කල පණිවුඩය සිංහලෙන් සටහන්ව ඇති ආකාරයි.