Microsoft සමාගමේ නවතම පෙරළිකාර හඳුන්වාදීම වන Microsoft Office 365 මගින් කාර්ය්‍යාල තුල දෛනිකව සිදුකරනු ලබන කාර්යයන් වෙත අලුත් මුහුණුවරක් ලබා දී ඇත.

Microsoft Office 365 භාවිතයෙන්, ඔබ භාවිතා කිරීමට හුරු පුරුදු Microsoft Office හා බැඳුනු මෙවලම් ලෝකයේ ඕනෑම තැනක සිට අවශ්‍ය ඕනෑම වෙලාවක භාවිතා කිරීමේ පහසුකම ඇත.

මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය කරුණු සහ එම සේවාව සකසුරුවම් කරගැනීමේ පියවර පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

 පළමුව අප කලයුත්තේ  http://office.microsoft.com වෙබ් අඩවිය වෙත පිවිසීමයි.



එම වෙබ් අඩවියේ සඳහන් පරිදි, ව්‍යාපාරික​ අවශ්‍යතාවයන් සඳහා අප පිවිසිය යුතුවන්නේ මෙම වෙබ් අඩවියේ See Options for business”  යන කොටසට වන අතර ඉන්පසු අපගේ තාවකාලික සේවාවන් ප ගැන්වීමට සහ අපට අවශ්‍ය සේවා පැකේජය හඳුනා ගැනීමට  “Compare plans” මත click කිරීම සිදුකල යුතු වනවා.


අනතුරුව අපට අවශ්‍ය සේවා පැකේජය ලබා ගැනීමේදී, ආයතනයේ ප්‍රමාණය හා අවශ්‍ය සේවාවන් මත තෝරා ගැනීම සිදු කල හැකියි


අපගේ ලිපියේ සඳහන් කිරීම සඳහා Enterprise (E3) පැකේජය තෝරාගනු ලබන අතර, ඒ තුල අඩංගු අංග පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.


Enterprise (E3) පැකේජය තෝරාගනු ලබීමෙන් අනතුරුව සිදුකල යුතු වන්නේ අපගේ විස්තර ලබාදීම තුලින් අපගේ d-image.ashx/__size/550x0/__key/communityserver-wikis-components-files/00-00-00-00-05/86257.4.png" style="border-width:0px;border-style:solid;" />

අපගේ ලිපියේ සඳහන් කිරීම සඳහා Enterprise (E3) පැකේජය තෝරාගනු ලබන අතර, ඒ තුල අඩංගු අංග පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.


Enterprise (E3) පැකේජය තෝරාගනු ලබීමෙන් අනතුරුව සිදුකල යුතු වන්නේ අපගේ විස්තර ලබාදීම තුලිනලියාපදිංචිය සම්පුර් කිරීමේ කාර්යයයි.


මෙහි ඇති වැදගත් අංග වනුවේ, අපගේ රට ලෙස “ශ්‍රී ලංකාව”, අපගේ විද්‍යුත් තැපෑල ලිපිය සහ අපගේ ජංගම දුරකථන අංකයක් ලබාදීමයි.

මෙයින් විද්‍යුත් තැපෑල ලිපිය සහ අපගේ ජංගම දුරකථන අංකය වැදගත් වනුවේ, අපගේ රහස් අංකය නැතොත් Password එක​ අස්ථානගත වුවහොත්, නැවත එය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔබගේ විද්‍යුත් තැපෑල ලිපිය සහ ඔබගේ  ජංගම දුරකථන අංකය අවශ්‍ය වන බැවිනි.

මෙහි අනෙකුත් වැදගත් කරුණ වන්නේ අප විසින් සාදනු ලබන User ID සහ රහස් අංකය මතකයේ තබා ගැනීමයි.

මෙම User ID එක පහත සඳහන් ආකාරයට සිදු කල හැකියි.



අපගේ ලියාපදිංචිය අවසාන වූ සැණින් ඔබට පහත සඳහන් ආකාරයට Microsoft Office 365 Admin center වෙත පිවිසිය හැකියි.



අනතුරුව අප කලයුතු ප්‍රධානතම​ කරුණ වන්නේ, ඔබ ආයතනයට අයත්වන Public Domain Name සඳහන් කිරීම සහ එය ක්‍රියාත්මක කරවා ගැනීමයි.

මේ සඳහා Microsoft Office 365 Admin center හි “Domain” අංගය ක්‍රියාත්මක කොට “Add a Domain” ක්‍රියාත්මක කලයුතු වනවා.



මෙහිදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සහ Domain Name සඳහා හිමිකාරීත්වය තහවුරු කලයුතු වන අතර, මෙම ක්‍රියාවලිය කිසිදු තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෙකුට වුවද ඉතා පහසුවෙන් කරගැනීමට ඉඩ සලසා ඇත.

මේ සඳහා පිවිසුමක් ලබා ගැනීමට Start Step 1 මත click කිරීම සිදු කල යුතුයි.


මෙහි දෙවන පියවර ලෙස ඔබට හිමිකාරීත්වයක් ඇති, ඔබගේ
විද්‍යුත් පණිවුඩ හුවමාරුවට භාවිතා කිරීමට බලපොරොත්තුවන Public Domain Name සඳහන් කිරීම කළ යුතුයි.



ඉන්පසු ඔබගේ හිමිකාරීත්වය තහවුරු කිරීමට “Confirm ownership” මත click කිරීම සිදු කල යුතුයි.



මීළඟ පියවරෙන් ඔබගේ Public Domain Name ලියාපදිංචි කොට ඇති ආයතනය සඳහන් කලයුතු වන අතරම එමගින් එම එක් එක් ආයතනයට අනුකූල සකසුරුවම් කිරීමේ පිළිවෙත ඉතාමත් අගනා ආකාරයට සවිස්තරව සඳහන් කර ඇත. උදාහරණයක්‌ වශයෙන් Godaddy ආයතනය සඳහන් කිරීම සිදුකරනු ලබනවා.



ඉහතින් සඳහන් ආකාරයට පිළිවෙත් අනුගමනය කිරීමෙන් පසුව “Done, Verify now”  ක්‍රියාත්මක කිරීමෙන් අපගේ Public Domain Name සකසුරුවම් කිරීම සහ බල ගැන්වීම සිදුවේ.


මීළඟට ඔබ යම්කිසි ආයතනයක් මගින් සේවාවන් ලබාගන්නේ නම් එම ආයතනය පිළිබඳ සටහන් කිරීම සිදුකලයුතු වනවා. මෙම ක්‍රියාවලිය තුලින් ඔබ ආයතනයේ Microsoft Office 365 සේවාව යම් උවදුරකට ලක් වුවහොත් ඒ පිළිබඳව ඔබට සේවාවන් සපයන ආයතනයේ ඉංජිනේරුවරුන් දැනුවත් කිරීමක් සිදුකරනු ලබනවා. මෙමගින් ඔබට ඉතා උසස්‌ සේවාවක් ලබාගැනීමට මග පාදා ඇත.

මේ සඳහා ඔබ කලයුතු වන්නේ Microsoft Office 365 Admin center තුල අඩංගු Licensing à Subscriptions වෙත පිවිසීම හා එහි ඇති ඔබගේ සේවා පැකේජය මත click කිරීමයි.



අනතුරුව  Partner Information --> add මත click කිරීම සිදු කලයුතුයි.


ඉන්පසු ඔබට සේවා සපයන ආයතනයේ MPN ID (Microsoft Partner ID) සඳහන් කොට  Check ID කියාත්මක කිරීම​ කල යුතුයි.

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම සේවා සපයන ආයතනය වෙනස් කිරීමේ පහසුකමද ලබා දී ඇත.



ඉහත ක්‍රියාවලියෙන් පසු අපට අවශ්‍ය ආකාරයට user accounts සාදා ගත හැකිවන අතර, එම කාර්යය කිහිප ආකාරයකින් සිදු කල හැකියි.

ඉන් පළමු ආකාරය වන්නේ පහත සඳහන් ආකාරයට එක් වරකට එක user account එක බැගින් සාදා ගැනීමයි.

ඒ සඳහා Microsoft Office 365 Admin center තුල “Users and Groups” පිවිස  + සලකුණ click කිරීම සිදුකල යුතුයි.



දෙවනුව භාවිතා කරන්නාගේ විස්තර ලබාදීම කලයුතුයි. මෙහිදී වැදගත් කරුණ වන්නේ User Name  ලෙස අපගේ  Public Domain Name සඳහන් කලයුතු වීමයි. මෙමගින් මෙම සේවාව ලබා ගැනීමේදී භාවිතා කරන්නාට තමාගේ විද්‍යුත් තැපෑල නාමය භාවිතයෙන් login වීමේ හැකියාව ලැබේ. උදාහරණයක්‌ වශයෙන්: ravindu@allaboutuc.com


තෙවනුව මෙම භාවිතා කරන්නා Administrator වරයෙක්ද නැතහොත් සමාන්‍ය භාවිතා කරන්නෙක්ද සහ මෙම භාවිතා කරන්නාගේ ස්ථානය (රට) සඳහන් කල යුතුයි.



මීළඟ වැදගත් පියවර​ වනුවේ මෙය භාවිතා කරන්නාට ලබාදෙන සේවාවන් කුමක්ද කියා සටහන් කිරීමේ අවස්ථායි.

මෙම පියවරේදී අපට අවශ්‍ය සේවාවන් පමණක් ලබා දී නෙකුත් සේවාවන් මෙම භාවිතකරුගෙන් ඉවත් කිරීමේ හැකියාව ඇත.


මීළඟ අවස්ථාවෙන් සිදු කරනු ලබන්නේ භාවිතා කරන්නාගේ රහස් අංකය, එම පුද්ගලයාගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයක් වෙත ලබා දීමයි. මෙමගින් එම රහස් අංකයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගත හැකියි.



ඉහතින් සඳහන් කරනු ලැබුවේ එක් වරකට එක ලිපිනයක් වෙත ලබා දීමයි. මෙමගින් එම රහස් අංකයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගත හැකියි.

ක් සාදා ගන්නා ආකාරය වන අතර, මීළඟට එක් වරකට user accounts එකකට වැඩි ප්‍රමාණයක් සාදා ගන්නා අයුරු බලමු.

ඒ සඳහා Microsoft Office 365 Admin center තුල  සලකුණ click කිරීම සිදුකල යුතුයි.  අනතුරුව අප විසින් කලින් සකසා ගත් CSV ගොනුව​ හෝ එම CSV ගොනුව​ සාදා ගන්නා අන්දම දැනගැනීමට Sample CSV file ලබා ගැනීමෙන් සිදුකල හැකියි.



ලබාගත් සේවා පැකේජයට අනුව ඊට අදාල මෘදුකාංග පැකේජ ලබා ගැනීම සඳහා Microsoft Office 365 Admin center --> Download Software වෙත ඇතුළුවීමෙන් සිදු කල හැකි වන අතර මෙම පහසුකම මගින් අපට Microsoft Office, Microsoft Lync වැනි මෘදුකාංග පැකේජ ලබා ගැනීමට සහ එම මෘදුකාංග පැකේජ අප භාවිතා කරන Desktop Computer සහ Laptop Computer වෙත install කරගැනීමේ හැකියාව ඇත. මෙම ක්‍රියාවලිය Microsoft Usage Policy මත රැඳෙමින් සිදුකලයුතු අතර එම නිත්‍යානුකූල බැඳීම බිඳීමක් සිදු නොකලයුතුයි.


සාමාන්‍ය භාවිතයන් සඳහා ඉහතින් සඳහන් කල ක්‍රියාවලිය ප්‍රමාණවත් වන අතර, Advance Configuration අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා Microsoft Office 365 Admin center තුල  Service Settings

සාමාන්‍ය භාවිතයන් සඳහා ඉහතින් සඳහන් කල ක්‍රියාවලිය ප්‍රමාණවත් වන අතර, Advance Configuration අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා Microsoft Office 365 Admin center තුල  koola Pota,sans-serif;">තුලින් එය සිදු කල හැකියි. මෙම Advance Configuration පිළිබඳව මෙම ලිපියෙහි දෙවන කොටසින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන අතර එම ලිපිය ඉතාම නුදුරු දිනයකදීළි දැක්වීමට බලාපොරොතු වෙමි.